Monday, October 7, 2013

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු....

අධ්‍යාපනය විකුණන්කෑම වෙනුවෙන් ගෙනා අති විශේෂ ගැසට් පත‍්‍රය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමත්, ඉදිරියේදි කරළියට ගෙනඒමට නියමිත අධ්‍යාපන වෙළෙඳ කලාප යෝජනාවටත් එරෙහි වන සිසුන් මර්දනය කරමින් පාලකයින් ගෙනයන වැඩපිළිවෙලට එරෙහිව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ජයවර්ධනපුර සරසවි සිසුන් විසින්බෙදාහරින ලද පති‍්‍රකාව



ආදරණීය අම්මේ, තාත්තේ

ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විදියට ඔබව ආමන්ත‍්‍රණය කිරීමට තීරණය කළේ නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා පාලකයින් ගෙනයන වැඩපිළිවෙළෙහි එක් පියවරක් ලෙස අධ්‍යාපනය විකුණන්කෑම වෙනුවෙන් ගෙනා අති විශේෂ ගැසට් පත‍්‍රය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමත්, ඉදිරියේදි කරළියට ගෙනඒමට නියමිත අධ්‍යාපන වෙළෙඳ කලාප යෝජනාවටත් එරෙහිව හ`ඩ න`ගන සිසුන් මර්දනය කරමින් පාලකයින් ගෙනයන වැඩපිළිවෙල නිසා ජයවර්ධනපුර සරසවිය තුළ උද්ගතවී ඇති තත්වය පිළිබ`දව ඔබව දැනුවත්කිරීමේ අරමුණ සහිතවයි.

නිදහස් අධ්‍යාපනය කියල කියන්නේ අමිමේ, තාත්තේ බලධාරීන් කියන විදියට ඔබට නොමිලේ ලබාදෙන්නක් නොවේ.ඔබ වෙළඳපලින් මිලටගන්නා සිනී ටික,තේ කොල ටික,සබන් කැටේ ඉඳලා මේ හැමදෙයකටම ගෙවන බදු මුදල් වලින් තමා අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නේ.ඒ විතරක් නෙවෙයි උප්පැන්න සහතිකය ගන්න එකේ ඉදලා මරණෙට,ම`ගුලට මේ හැම එකකටම ගෙවන්න ඕන බදු මුදල් වැඩි කරලා ඒ වෙනුවෙන් ඕනවටත් වැඩියෙන් මුදල් අයකර ගෙනයි තියෙන්නේ.ඒ නිසා තමයි අපි කියන්නේ නිදහස් අධ්‍යාපනය ඔබට නොමිලේ ලැබෙන්නක් නොවන වග.

නමුත් කල්පනා කරල බලන්න අම්මේ තාත්තේ බදු විදියට, එකවතාවක් ගෙවලා දරුවට උගන්වනවා වෙනුවට අද ඔබේ දරුවට උගන්වන්න කීප වතාවක් ගෙවන්නසිද්ධවෙලා.පාසල් තුල පාසල් සංවර්ධන මණ්ඩල,පාසල් සංවර්ධන කමිටු නමින් විවිධ සංගම් හදලඔබේ දරුවන්ගෙන් මුදල් අය කරනවා.සරලවම කීවොත් ගුරුවරයාගේ වැටුප ඇරෙන්න ගොඩනැගිල්ල අළුත් වැඩියා කරද්දි,පාසලට බස් රථයක් මිලට ගනිද්දී,අළුතෙන් දරුවෙක් ඇතුලත් කරද්දී වගේම පහසුකම් ගාස්තු,ආරක්ෂක ගාස්තුආදි වශයෙන් හැම දේටම පාසල තුල මුදල් අය කරනවා.

මේ ඔක්කොම වියදම්ටික දරාගෙන දරුවව පාසලට යැව්වත් අවස්ථා සීමිතවීමෙන් තර`ගකාරී වූ මේ විභාග ජයගන්න දරුවව උපකාරක පංති යවන්න,විවිධ පොත්පත් ආදිය මුදලට අරන් දෙන්න සිදුවීම නිසා තවත් වතාවක් අධ්‍යාපනයට ගෙවන්නවෙලා.නමුත් කාලයක් තිස්සේ ඔබගේ පඩිපත රුපියලකින්වත් වැඩි නොවුනු නිසා දැනටමත් ඔබට නිදහස් අධ්‍යාපනය හීනයක්ම වෙලා ඇති.

ඒ විතරක් නෙවෙයි අම්මේ තාත්තේ,අධ්‍යාපනය පෞද්ගලීකකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය අධ්‍යාපනය පිළිබ`දව ඇති විශ්වාසය බි`දදැමීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වීමනිසා පසුගිය කාලසීමාව තුල විභාග ප‍්‍රශ්න පත‍්‍ර‍්‍ර‍්‍රවැරැුද්දවීම,විභාග වැරැුද්දවීම,විභාග ප‍්‍රතිඵල වැරැුද්දවීම,පාසල් පෙළපොත් වැරැුද්දවීම නිසා මතුවූ ප‍්‍රශ්නත්, විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේදී ්සාමාර්ථ 3 ක් ලබාගත්තද සරසවි ප‍්‍ර‍්‍ර‍්‍රවේශයඅහිමි කරමින්,සරසවි ප‍්‍ර‍්‍ර‍්‍රවේශය පිළිබ`ද විශ්වාශය බි`දදැමීම ස`දහා නිර්මාණය කළ තත්වයනුත් නිසාද ඔබ තවත් පීඩා වි`දින්නට ඇත.

සරසවි සිසුන් ලෙස අපටද දේශන ශාලාප‍්‍ර‍්‍ර‍්‍රමාණවත් නොවීම,නේවාසිකාගාර ප‍්‍ර‍්‍ර‍්‍රමාණවත් නොවීම, ආපන ශාලාවල මිලගණන් ඉහලයාම,නඩත්තු කටයුතු හා සනීපාරක්ෂක කටයුතු නිසිලෙස ඉටු නොකිරීම,මහපොළ හා ශිෂ්‍යාධාර නිසි වේලාවට ලබානොදීම, විශය නිර්දේශනවීකරණය නොවීම, ආචාර්ය මහාචාර්ය හ`ිගය ආදී වශයෙන් බොහෝ ගැටලූ වලට මුහුණ දෙමින් අධ්‍යාපනය ලැබීමට සිදුව තිබෙනවා.

ආදරණීය අම්මේ තාත්තේ අධ්‍යාපනය තුළ ඉහත තත්වය නිර්මාණය වෙන්න හේතුව තමයි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන වැඩපිළිවෙළක් වෙනුවට අධ්‍යාපනය පෞද්ගලීීකරණය කරන්න දැවැන්ත වැඞ පිළිවෙළක් ක‍්‍රියාත්මකවීම. මේ මොහොත කියන්නෙත් නැවත වතාවක් එම තත්වය කරළියට එන මොහොතක්.ඔබට මතකද 2011 දි අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවා. නමුත් අපඊට ඵරෙහිව සිදුකල අරගලය නිසා 2012 පෙබරවාරි මාසයේදී ආණ්ඞුවට එය හකුලා ගැනිමට සිදුවුනා. නැවත වතාවක් පසුගිය මාසයේදී අතිවිශේෂ ගැසට්පත‍්‍රයක් ලෙස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා. ඒ වගේම පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට මුවාවෙලා අධ්‍යාපනය විකුණන්කැම වෙනුවෙන්්් අධ්‍යාපන වෙළඳ කළාප නමින් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙහිදී නිදහස් වෙළඳ කලාප වල වාගේම ආයෝජකයින්ට කැමති අකාරයකට කිසිදු බාධාවකින් තොරව අධ්‍යාපනය විකුණන ආයතන ඉදිකිරීමට අවසරය දෙන්න හදන්නෙ.මෙවැනි කළාප 06 ක් රට තුළ පිහිටවන්න සැලසුම් කරලා වාගේම පො¥රාජ්‍ය මණ්ඞල සමුළුවට පැමිණෙන චාල්ස් කුමාරයා ලවා ඉන් පළමු වැන්නට මුල්ගල තියන්නත් සැලසුම් කරලා තියෙන්නේ.අම්මේ තාත්තේ දැනටමත් රටතුළ ලක්ෂ 60 ට 70 ට උපාධි විකුණන මාලඹේ වැනි උපාධි කඩ විශාල ප‍්‍රමාණයක් ආරම්භ වෙලා තියෙන තත්වයක් වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළත්උපාධි විකුණන තත්වයක් තුළ තවත් මෙවැනි යොජනා, ගැසට් ආදිය ගෙන ඒම බරපතල තත්වයක් ලෙසයි අප දකින්නේ.

මෙසේ නිදහස් අධ්‍යාපනය දැවැන්ත අර්බුදයකට ලක්වෙලා තියෙද්දී වර්ථමානයේ නිදහස් අධ්‍යාපනය භුක්තිවි`දින පරම්පරාව ලෙස අප එම තත්වයට එරෙහිව කොන්දේසි විරහිතව සටන් කිිිරීමට සූදානම් බව ඔබට අමුතුවෙන් කිවයුතු නොවන්නේ ඉතිහාසය පුරාවටමත් අප එය භාවිතාවෙන්ම ඔප්පුකර ඇති බැවිණි.

එහෙත් මෙසේ සාධාරණ අයිතීන් වෙනුවෙන් සිිසුුන් සටන් කළ හැම විටම බලධාරීන් කළේ සිසුන් මර්දනය කිරීමයි.ඒවගේම ඉහත ආකාරයේ පනතක් හෝ යෝජනාවක් ගෙනඒමට නියමිත හැම මොහොතකමත් කළේ මුලින්ම එයට එරෙහිව සටන් කරන සිසුන් මර්දනයකිරීම වෙනුවෙන් සරසවිතුළ විවිධ ගැටුම් නිර්මාණයකරමින් සිසුන්ට බොරු චෝදනා එල්ලකිරීමයි.කැලණිය සරසවියේ නේවාසිකාගාරවලට පහරදී ඇතිකළ සිද්ධිය,බොරු නවකවද චෝදනා එල්ලකරමින් සබරගමුව සරසවියේ සිසුන්ගේ පංතිතහනම් කිරීම ආදිය හඳුනාගත හැක්කේ ඒ ආකාරයෙනි.

එම මර්දනීය අවශ්‍යතාවයේ ප‍්‍රතිඵලයක් ලෙසට ජයවර්ධනපුර සරසවිය තුළ පසුගිය දින 10 ඇතුළත සිසුන් 50 කට ආසන්න ප‍්‍රමාණයකගේ පංතිතහනම්කර තිබෙණවා. ශිෂ්‍ය සංගම් ලියාපදිංචිවීම වලකා මහා ශිෂ්‍ය සංගම් කාර්්‍යාලය වසා දැමීම, වේදිකාවෙන් මහපොළාවට කලා උළෙල ආරම්භ කිරීමට අවසර ලබා නොදීම, සිසුන් සංවිධානය කරන රැුස්වීම් ආදියට කඩාපැන තර්ජනයකරමින් ගැටුම් ඇතිකර ගැනීම, ශිෂ්‍ය නායකයින්ගේ ගෙවල්වලට ගොස් දෙමාපියන් බිය ගැන්වීම, සිසු නායකයින්ගේ ජංගම දුරකථන වලට කථාකර තර්ජනය කිරීම ආදියද එම මර්දනයේම තවත් පියවරකි.

අවසාන වශයෙන් ආදරණීය අම්මේ තාත්තේ අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්වයන් පිළිබදව දැනුවත්ව සිටිමින්,විචාරශිලීව කටයුතු කරන ලෙසත්,අධ්‍යාපනය විකුණන්කෑම වෙනුවෙන් ඉදිරිපත්කර ඇති අධ්‍යාපන වෙළඳ කලාප යෝජනාව පරාජය කිරීමට මෙන්ම, ඒ වෙනුවෙන් සිදුකරන ශිෂ්‍ය මර්දනය පරාජය කිරීමටත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සම`ග සහයෝගයෙන් අත්වැල් බැ`දගන්නා ලෙසයි.

මහා ශිෂ්‍ය සංගමය - ශ‍්‍රී ජයවර්ධනපුර ව්ශ්වව්ද්‍යාලය

0 comments:

Post a Comment