“මුණ කට හෝදගෙන බත් ඩිංගක් කාපං. මට සැනසිල්ලේ ඉන්න දීපං පුතේ. මට ලෝකේ හදන්න ඕනේ නෑ. ලෝකේ හදන්න ගිහින් උබල නැති නාස්ති වෙන්න ඕනෙත් නෑ. බලපන් තැන් තැන් වල මිනිස්සු මරනවා. හැම තැනම පෝස්ටර් ගහලා. මහා වින්නාහියක් වෙන්න හදන්නේ. රස්සාවක් හම්බවෙනකල් උඹට කන්න අදින්න දෙන්න මට පුළුවන්. ගෙදරට වෙලා හිටපන් මගේ පුතේ.”
-සංගිලි පාලම-
උපුල් ශාන්ත සන්නස්ගල
මේ මෙරට එක්තර කාල වකවානුවක් පිළිබඳ ලියවුනු කතන්දරයකින් උපුටා ගත කොටසකි. එදා මිනිසුන් මහ මඟ මරා දමන බව ජීවත් වූ බොහෝ දෙනා දැන සිටියහ. මරන්නේ කවුද/ මැරුවේ කවුද යන්නද බොහෝ දෙනෙකු අනුමාන කළහ. එය ඇතැම් විට වැරදි වුවද එදා කවුරුන් හෝ එළිපිට මීනි මැරූ බව නොරහසකි. අද ද මිනිසුන් මරා දැමේ, අතුරුදහන් වේ, තමන් මේ ගෙන යන්නේ කීවෙනි බිල්ලද කියා සුදු වෑන් කාරයාටවත් මතකයේ නැතිබව සැබෑවකි. වෙනසකට ඇත්තේ එදා මෙන් අද අම්මලාට තාත්තලට අතුරුදහන් පුතුගේ බෙල්ල අහිමි කඳ නොලැබීමය. මහා වින්නැහියක් ආරම්භ වී ඇති බව නොපෙනීමය. පෙනුනාද නොපෙනුනාසේ හිදීය යුතු න්‍යාය කියාදුන් තම දුව පුතා තමන්ට වන අසාධාරනයටවත් හඩක් නොනැගීම ගැන “අපේ දුව පුතා ඕවට යන්නේ නෑ” කියමින් සන්තෝස වීමය.