Thursday, October 3, 2013

නිදහස් අධ්‍යාපනය යනු ඉබේ පහළවූවක්ද?


අධ්‍යාපනය මිනිසාට කිසිඳු භේදයකින් තොරව ලබා ගැනීමට අයිතියක් ඇත. නමුත් අධ්‍යාපනය ලෝකයේ මුල පටන්ම නිදහසේ ලබා නොදුනි. එය එක් කුලයකට ජාතියකට නැතහොත් පංතියකට එසේ නැතිනම් සමහර අවස්ථාවලදී පිරිමින්ට පමණක් සීමා විණි. නමුත් අධ්‍යාපනය කිසිඳු භේදයකින් තොරව සියලූම මිනිසාට හිමි වන අයිතිවාසිකමක් ලෙස මුල් වරට සිය දර්ශනය තුලින් කාල් මාක්ස් ඉදිරිපත් කරනු ලැබීය.

‘‘ධනේෂ්වර පංතිය කම්කරුවාගේ පැවැත්ම ගැන සැළකිල්ලක් දක්වන්නේ කම්කරුවා ඔවුන්ට අත්‍යාවශ්‍ය නිසාම පමණක් නම්, ඔවුන් කම්කරුවාට අධ්‍යාපනය ලබා දෙන්නේ ද ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලන ප‍්‍රමාණයට පමණක් වීම පුදුමයට කාරණයක් නොවන්නේය.’’(මාක්ස් - එංගල්ස් එකතු කළ කෘති, වොඑම 2, පිටුව 323)

මාක්ස්ගේ මෙකී ප‍්‍රකාශයේ සත්‍යතාව අද අපට වඩා තහවුරු වේ. අද ලංකාවේ පාලකයෝ අධ්‍යාපනය යැයි සිතා සිටින්නේ ඉංග‍්‍රීසි ටිකක් දැනගැනීම, පරිඝණක ටිකක් දැන ගැනීම වැනි සීමිත අධ්‍යාපනයකි. නමුත් අධ්‍යාපනය යනු එවැනි පටු දෙයක් නොව මානව සංවර්ධනය හා බැාදුනු කි‍්‍රයාවලියකි.

ෆ්‍රෙඞ්රික් එංගල්ස් විසින්් මෙම අදහස තව දුරටත් සංවර්ධනය කොට පූර්ණ දර්ශනයක් බවට පත් කෙරිණි.

‘‘පොතින් කියවා, ගන බොල් කසල කාදු ගනන්, හිස තුළ පුරවන තැනැත්තා, සැබෑ බුද්ධිමතෙක් නොවේ. ජීවිතයේ අභිරහස නැමති පොත ඔහුට නොවැටෙහෙන හෙයින්, තෘණ විද්‍යාව පොතකින් උගත්තෙකුට , තණපත් පිබිදෙන හාඩ සවනට නොඇසේ, දන්නා තාකි සිප් සත දෙසා බෑවද, ඔහු කියන දෙයින් ගැඹුරු සම්බුද්ධියක් ඔබට නොලැබෙනු ඇත.’’ (එංගල්ස්)

මෙකී දර්ශනික සංකල්ප රුසියන් විප්ලවය මගින් පිහිටවනු ලැබූ සමාජවාදී රාජ්‍ය මගින් වි. අයි. ලෙනින්ගේ පුරෝගාමීත්වයෙන් නිදහස් අධ්‍යාපනය ලෝකයේ පළමු වරට යථාර්තයක් බවට පත් කළේය. ලෙනින් ප‍්‍රකාශ කළේ ”හොාදම දේ දරුවන්ට” කියා ය. ලෙනින් විසින් ‘‘ජනතා අධ්‍යාපනය’’ නමින් කෘතියක්ද සම්පාදනය කරන ලදී. ලොව පළමු ගගනගාමියා අභ්‍යවකාශ්‍යට යවන ලද්දේත් විශ්ව සාහිත්‍යයේ කේන්ද්‍රයක් බවට රුසියාව පත් කරන ලද්දේත් මෙකී අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි. මොනදේට යොදවන මුදල් අඩු කළත් අධ්‍යාපනයට යොදවන මුදල් අඩු නොකරන ලෙස ඔහු වැඩි දුරටත් පැවසී ය. මේ පිළිබාද ලංකාවේ පාර්ලිමේන්තුවේ පවා කතා කරන ලදී. ධනේෂ්වර නායකයන්ට පවා මෙය පිළිගැනීමට සිදු විය.

‘‘සැබැවින්ම සෝවියට් දේශයේ අධ්‍යාපනය ගැන කතා කිරීම අවශ්‍ය නැත. එහි රාජ්‍ය අධ්‍යාපනය පවතින බව අපි දනිමු. රුසියාවේ රජවරු අවුරුදු 200 කට වැඩි කාලයක් තිස්සේ නොකළ දෑ ඔවුන් (බොල්ෂෙවික්වරු) අවුරුදු 20ක දී කළ බව අපි දනිමු. එහි රජයේ අධ්‍යාපනය පවතිනවා පමණක් නොව මුලූ ලෝකයේ අන් කිසිදු රටකට වඩා අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරන එට ද එය වේ. එක් පුද්ගලයෙකුගේ අධ්‍යාපන වෙනුවෙන් ඔවුහු පවුම් 05කුත් සිලිං 04ක් වැය කරති. එංගලන්තයේ එක් පුද්ගලයෙකකුට වැය කරන්නේ පවුම් 02 කුත් සිලිං 05 කුත් පමණි. ලංකාවේ මෙය රු 05ක් පමණි.’’ (ජේ. ආර්. ජයවර්ධන මහතා රාජ්‍ය මත‍්‍රණ සභාව /හැන්සාඞ් 1945/495තීරුව) ප‍්‍රකාශ කරන ලදී.

මේසේ ලෝකය පුරා කොමියුනිස්ට් ව්‍යාපාර නිදහස් අධ්‍යාපනය උදෙසා පුරෝගාමීන් විය. අදටත් අධ්‍යාපනය සාදහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩිම මුදලක් වෙන් කරන්නේ සමාජවාදී කියුබාවයි.

එහි සියලූ භේදයන්ගෙන් තොරව සියලූ දෙනාටම සම්පූර්ණ නොමිලේ අධ්‍යාපනය ලබා දේ.

සියලූ මට්ටම් වල දී අධ්‍යාපනය සම්පූර්ණ නොමිලේ ලබා දේ.

බොහෝ පාසල් ආරම්භ වන්නේ උදෑසන 6.30ටය. මධ්‍යන 12 වන විට අවසන් වේ. රුකියා කරන දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් දිවා සුරුකුම් මධ්‍යස්ථාන නොමිලේ පවත්වාගෙන යන නිසා දරුවන් බලා ගැනීම දෙමාපියන්ට වදයක් නොවේ.

ප‍්‍රාථමික අධ්‍යාපනයේදී පංතියක සිටින උපරිම සිසුන් ගනන 25කි. මෙය බොහෝ තැන්වල 20කි. ද්විතීක අධ්‍යාපනයේදී එක් පංතියක සිසුන් 15කට සීමා වේ.

පාසල් යා නොහැකි සිසුන්ගේ නිවෙස්වලටම ගොස් අධ්‍යාපනය ලබා දෙන ජංගම ගුරුවරුන් යොදවා ඇත.

150000 වන සියලූම ගුරුවරුන් අවුරුදු 05ක් උසස් අධ්‍යාපනය ලද අය වන අතර ඉන් අඩක් ආචාර්ය උපාධිධාරීන්ය.

පිදෙල් කැස්ත්‍රෝ, චේ ගෙවාරා වැනි කොමියුනිස්ට්වාදීන්ගේ අසීමිත කැපකිරීම් තුළින් මෙවැනි අධ්‍යාපනයක් එරටට හිමිව ඇත. කියුබන් විප්ලවයට පෙර එහි තිබුනේ වෛද්‍ය විද්‍යාල 03ක් පමණි. අද එය 23කි.

අද පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කොට අධ්‍යාපනය වෙළාද භාණ්ඩයක් කොට ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරනවා කියා ජනතාවට විහිාඑ සපයන පාලකයන්ට මේවා තේරෙන්නේ නැත. 2013-03-10 ස්වාධීන රූපවාහිණී සවස 07 පුවත් වලත් කියු පරදි ඇමරිකාවේ සරසවි සිසුන්ගෙන් 70%කගේ පමණ සාක්ෂරතාව අතිශය දුර්වල මට්ටමක පවතින බවයි. බොරු අධිරාජ්‍ය විරෝධයක් බොරු දේශපේ‍්‍රමීත්වයක් පෙන්වා එකී අසාර්ථක පෞද්ගලික අධ්‍යාපනය ක‍්‍රමයම ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට කැස කවන පාලකයන්ගෙන් නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් යළි දිනා ගත යුතු යැයි අප කියන්නේ මේ නිසාය. මෙය අද පමණක් නොව ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ සමස්ථ ඉතිහාසය අපට කියා පාන්නේ මෙකී අරගලයයි.

0 comments:

Post a Comment