Thursday, October 3, 2013

ශිෂ්‍ය මර්දනය වහා නවතනු, ගැසට් පත්‍රය හකුලා ගනු, ජපුර සිසුන් විරෝධතාවක

දිගින් දිගටම එල්ල වන ශිෂ්‍ය මර්දනය වහා නවතන ලෙසත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට නෛකික රාමුවක් ලබාදීම සදහා ගෙන ආ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙසත් අධ්‍යාපන වෙළද කලාප යෝජනාව හකුලා ගන්න ලෙසත් බල කරමින් අද (26)දින ජයවර්ධනපුර සරසවිය ඉදිරිපිට විරෝදතාවක් පැවැත්විය.
මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා කියා සිටියේ රාජ්‍ය ආරක්ශක අංශය යොදාගනිමින් ශිෂ්‍ය මර්දනය එක් පැත්තකින් ක්‍රියාත්මක කරන අතර අනෙක් පසින් අධිකරනය හා ආණ්ඩුවේ හෙන්චයි පාලකයන් ලවා ශිෂ්‍ය මර්දනය කැදවමින් ආන්ඩුව ගෙන යන අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ වැඩපිලිවෙල කෙසේ හෝ පරාජය කරන බවත් එය ඉතිහාසයක් පුරාවට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඔප්පු කර පෙන්වා තිබෙන බවත් කුමන බාදක පැමිනියත් ආණ්ඩුවේ අධ්‍යාපනය විකුනන ප්‍රතිපත්තිය පරාජය කරන බවත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

0 comments:

Post a Comment