Wednesday, November 27, 2013

හිමිදිරිය - තර`ග කොන්දේසි
01* නර්තන
ඒකල තර`ග පමණක් පැවැත්වේ.
උඩරට/ පහතරට/ සබරගමු සහ නව නිර්මාණ යන අංශයන් ඔස්සේ වෙන වෙනම තර`ග පැවැත්වේ.
නර්තනයක් ඉදිරිපත් කළ හැකි උපරිම කාලය විනාඩි 10 කි.
තර`ගයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය ඇඳුම් සංගීත භාණ්ඩ සහ ගීත තමන් විසින් සපයා ගත යුතුය. (පටිගත කරන ලද ගීත වාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයේ*

02* චිත‍්‍ර
ස්ව නිර්මාණ විය යුතුය.
ඕනෑම මාධ්‍යයකින් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
චිත‍්‍රයේ ප‍්‍රමාණය 18’ × 14’ විය යුතුය.
මාතෘකාව පසුපිටේ සඳහන් කළ යුතුය.
එක් තර`ගකරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 03 කි.

03* පද්‍ය රචනා
ස්ව නිර්මාණ විය යුතුය.
සඳැස් හා නිසඳැස් යන අංශ දෙකෙන් වෙන වෙනම තර`ග පැවැත්වේ.
එක් තර`ගකරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 05 කි.
පැහැදිළි අත් අකුරින් හෝ මුද්‍රිත අකුරින් නිර්මාණ ලබා දිය හැකිය.

04* කෙටි චිත‍්‍රපට
ස්ව නිර්මාණ විය යුතුය.
කාලය උපරිම විනාඩි 10 කට වඩා අඩු විය යුතුය.
ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 03 කි.
පිටපත් දෙකක් ලබාදිය යුතුය.
ජයග‍්‍රාහී නිර්මාණය අවසන් දින ප‍්‍රදර්ශනය කරනු ලැබේ.

05* වාදන
සමූහ වාදනයක් විය යුතුය. (තර`ග කරුවන් 05 කට නොවැඩි 02 කට නොඅඩු විය යුතුය*
ඕනෑම සංගීත භාණ්ඩයක් භාවිතා කරමින් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
ඕනෑම තේමාවක් ඔස්සේ සිදුකරන ලද ස්වයං නිර්මාණයක් විය යුතුය.
තර`ගකරුවන් විසින් අවශ්‍ය වාද්‍ය භාණ්ඩ සපයා ගත යුතුය.
උපරිම කාලය විනාඩි 10 කි.


06*. ඡුායාරූප
වර්ණ හා කළු සුදු යන වර්ණයන් 02 ඔස්සේ වෙන වෙනම තර`ග පැවැත්වේ.
ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 05 කි.
අවම පළල අ`ගල් 08 ක් හා දිග අ`ගල් 10 ක් විය යුතුය.

07* විවාද
එක් කණ්ඩායමකට සාමාජිකයන් 05 ක් විය යුතුය.
අදාළ මාතෘකා කලින් ලබා දෙනු ලැබේ.
එය ශිෂ්‍ය සංගම් කාර්යාලයෙන් ලබා ගත යුතුය.

08*. කථික
තර`ගයේ සියළු මාතෘකා සතියකට පෙර ප‍්‍රදර්ශනය කරනු ලැබේ.
තර`ගකරුට අදාළ මාතෘකාව තර`ගයට විනාඩි 10 කට පෙර අහඹු ලෙස ලබාදේ.
උපරිම කාලය විනාඩි 07 කි.

09* ගීත රචනා
ස්ව නිර්මාණ විය යුතුය.
පැහැදිළි අත් අකුරින් හෝ මුද්‍රිත අකුරින් නිර්මාණ ලබා දිය හැකිය.
එක් තර`ග කරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 03 කි.

10* ගායනා
සිංහල හා දෙමළ යන දෙයංශයෙන් තර`ග පැවැත්වේ.
පළමු වටයේ තර`ගකරු තමා කැමති  ඕනෑම ගායනයක් ඉදිරිපත් කළ හැකිය.
දෙවන වටයේ දී තමා කැමති ගීතයක් හා විනිශ්චය මණ්ඩලය ලබා දෙන ගීතයක් ගායනා කළ යුතුය.
තෙවන වටයේ දී තමා කැමති ගීතයක්, විනිශ්චය මණ්ඩලය ලබා දෙන ගීතයක් හා කලින් දැනුම් දෙන ලද ගීත කීපයක් අතුරින් අහඹු ලෙස එම අවස්ථාවේ දී තෝරාගත් ගීතයක් ගායනා කළ යුතුය.

11* කෙටිකතා
ස්ව නිර්මාණයක් විය යුතුය.
ඕනෑම මාතෘකාවක් ඔස්සේ  කෙටි කතාව ඉදිරිපත් කළ හැකිය.
පැහැදිළි අත් අකුරින් හෝ මුද්‍රිත අකුරින් නිර්මාණ ලබා දිය හැකිය.
එක් තර`ගකරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 03 කි.



12* කාටුන්
්4 ප‍්‍රමාණයේ එ්වා විය යුතුය.
පොකට් කාටුන් විය යුතුය.
කාලීන මාතෘකාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.
එක් තර`ගකරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 05 කි.

13* නිවේදක
ප‍්‍රවෘත්ති නිවේදනයක් ඉදිරිපත් කළ යුතුය.
යම් සිදුවීමක් පිළිබඳ සජීවී නිවේදනයක් ඉදිරිපත් කළ යුතුය.
පූර්ව සූදානමක් සහිතව ප‍්‍රාසංගික ඉදිරිපත් කිරීමක් කළ යුතුය.
සියලූම අවස්ථාවල දී වචන උච්චාරණය, හ`ඩ පාලනය, ප‍්‍රාසංගික බව, නිවේදන ශෛලිය ආකර්ෂණීය බව පිළිබඳ සැලකීම අත්‍යාවශ්‍ය වේ.
එක් නිවේදන අවස්ථාවක් මිනිත්තු 03 කට නොවැඩි විය යුතුය.

























































Tuesday, November 26, 2013

හිමිදිරිය කලා ප‍්‍රසංගය හා වේදිකාවෙන් මහපොළවට කෙටි නාට්‍ය උළෙල මෙවර පැවැත්විම සඳහා පරිපාලනය විසින් අවසර ලබා නොදුන් අතර එහි පරමාර්ථය වනුයේ සිසුන්ගේ එකමුතුව නවතාලීම බව ද එම එකමුතුව නවතාලනුයේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත්  දිනා ගැනීමට සිසුන් කටයුතු කරන නිසා බව ද පැහැදිලි කරුණකි. එම නිසා ජ පුර මහා ශිෂ්‍ය සංගමය විසින් හිමිදිරිය කලා ප‍්‍රසංගය හා වේදිකාවෙන් මහපොලවට කෙටි නාට්‍ය උළෙල විශ්වවිද්‍යාලයෙන් බාහිරව පැවැත්විමට කටයුතු යොදා ඇත. 2013 නොවැ 22 වන සිකුරාදා හිමිදිරිය කලා ප‍්‍රසංගය ආරම්භ කළ අතර එහි පළමුවම අයදුම්පත් නිකුත් කිරිම සිදු කළ අතර අද වන විට අයදුම්පත් 750කට ආසන්න ප‍්‍රමාණයක් සිසුන් ගෙන ගිය බවද වාර්තා විය.

මහපොල හා ශිෂ්‍යාධාර වාරික රු 5000ක් දක්වා වැඩි කරනු

මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000 දක්වා වැඩි කරනු යන ඉල්ලිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද දින ශි‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සරසවිය ඉදිරිපිට දී උද්ඝෝෂනයක් පැවැත්  විය.








   
    1. මහපොල හා ශිෂ්‍යාධාර වාරික රු 5000ක් දක්වා වැඩි කරනු
    2. අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කරනු
    3. අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදුව නතර කරනු
    4. තවමත් ලබා නොදුන් පළමු වසර මහපොල වහා ලබා දෙනු.
    5. අසාධාරණ ලෙස කප්පාදු කරන ලද මහපොල හා ශිෂ්‍යාධාර වාරික වහා
       ලබා දෙනු යනාදියයි.

Monday, November 25, 2013

මෙවර අයවැය අධ්‍යාපනය කප්පාදු කරයි

මෙවර අය වැය සම්බන්ධව විවිධ කතා බහ ඇති වී ඇත. සමස්ථ අයවැයම අර්බුධයක් බව ඒ අතර ඇතමෙක් පවසා ඇත. සෞක්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය මෙවර අයවැයෙන් වැඩි වශයෙන් අර්බුධයට ලක්ව ඇත. උසස් අධ්‍යාපනය නගා සිටුවීමට වෙනුවට මෙවර අය - වැය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනය කප්පාදු කිරීම‍ට පියවර ගෙන ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. වර්ෂ 2013දී රුපියල් මිලියන 12413ක් වූ ප්‍රාග්ධන වියදම මෙවර අය-වැය මගින් රුපියල් මිලියන 10144 දක්වා එනම් මිලියන 2269කින් කප්පාදු කර ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.

ඇත්තටම අධ්‍යාපනය විකුණනවාද? - සංජීව චෝදනා කරයි

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරභයා මේ මොහොත වන විට නැවතත් සංවාදයක්‌ ගොඩනැගී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ පිළිබඳව දැඩි විරෝධතාවක නියෑළෙන අතර, උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුළින් රටට ආයෝජනයන් ගලා එනවා සේම, මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනයක්‌ - නවෝදයක්‌ ද ඇතිවිය හැකි බවය. මේ එස්‌. බී. දිසානායක අමාත්‍යවරයා හා ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අතර ඇතිවූ සංවාදයයි.

ඇත්තටම අධ්‍යාපනය විකුණනවාද? - එස්‌ බී පැහැදිලි කරයි

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරභයා මේ මොහොත වන විට නැවතත් සංවාදයක්‌ ගොඩනැගී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ පිළිබඳව දැඩි විරෝධතාවක නියෑළෙන අතර, උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුළින් රටට ආයෝජනයන් ගලා එනවා සේම, මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනයක්‌ - නවෝදයක්‌ ද ඇතිවිය හැකි බවය. මේ එස්‌. බී. දිසානායක අමාත්‍යවරයා හා ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අතර ඇතිවූ සංවාදයයි.