Thursday, November 28, 2013

හිමිදිරිය - තර`ග කොන්දේසි
01* නර්තන
ඒකල තර`ග පමණක් පැවැත්වේ.
උඩරට/ පහතරට/ සබරගමු සහ නව නිර්මාණ යන අංශයන් ඔස්සේ වෙන වෙනම තර`ග පැවැත්වේ.
නර්තනයක් ඉදිරිපත් කළ හැකි උපරිම කාලය විනාඩි 10 කි.
තර`ගයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය ඇඳුම් සංගීත භාණ්ඩ සහ ගීත තමන් විසින් සපයා ගත යුතුය. (පටිගත කරන ලද ගීත වාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයේ*

02* චිත‍්‍ර
ස්ව නිර්මාණ විය යුතුය.
ඕනෑම මාධ්‍යයකින් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
චිත‍්‍රයේ ප‍්‍රමාණය 18’ × 14’ විය යුතුය.
මාතෘකාව පසුපිටේ සඳහන් කළ යුතුය.
එක් තර`ගකරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 03 කි.

03* පද්‍ය රචනා
ස්ව නිර්මාණ විය යුතුය.
සඳැස් හා නිසඳැස් යන අංශ දෙකෙන් වෙන වෙනම තර`ග පැවැත්වේ.
එක් තර`ගකරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 05 කි.
පැහැදිළි අත් අකුරින් හෝ මුද්‍රිත අකුරින් නිර්මාණ ලබා දිය හැකිය.

04* කෙටි චිත‍්‍රපට
ස්ව නිර්මාණ විය යුතුය.
කාලය උපරිම විනාඩි 10 කට වඩා අඩු විය යුතුය.
ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 03 කි.
පිටපත් දෙකක් ලබාදිය යුතුය.

05* වාදන
ඕනෑම සංගීත භාණ්ඩයක් භාවිතා කරමින් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
ඕනෑම තේමාවක් ඔස්සේ සිදුකරන ලද ස්වයං නිර්මාණයක් විය යුතුය.
තර`ගකරුවා අවශ්‍ය වාද්‍ය භාණ්ඩ සපයා ගත යුතුය.
උපරිම කාලය විනාඩි 10 කි.


06*. ඡුායාරූප
වර්ණ හා කළු සුදු යන මාධ්‍යයන් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කල හැක.
ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 05 කි.
අවම පළල අ`ගල් 08 ක් හා දිග අ`ගල් 10 ක් විය යුතුය.

07* විවාද
එක් කණ්ඩායමකට සාමාජිකයන් 05 ක් විය යුතුය.
අදාළ මාතෘකා කලින් ලබා දෙනු ලැබේ.
එය ශිෂ්‍ය සංගම් කාර්යාලයෙන් ලබා ගත යුතුය.

08*. කථික
තර`ගයේ සියළු මාතෘකා සතියකට පෙර ප‍්‍රදර්ශනය කරනු ලැබේ.
තර`ගකරුට අදාළ මාතෘකාව තර`ගයට විනාඩි 10 කට පෙර අහඹු ලෙස ලබාදේ.
උපරිම කාලය විනාඩි 07 කි.

09* ගීත රචනා
ස්ව නිර්මාණ විය යුතුය.
පැහැදිළි අත් අකුරින් හෝ මුද්‍රිත අකුරින් නිර්මාණ ලබා දිය හැකිය.
එක් තර`ග කරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 03 කි.

10* ගායනා
සිංහල හා දෙමළ යන දෙයංශයෙන් තර`ග පැවැත්වේ.
පළමු වටයේ දී තර`ගකරු තමා කැමති  ඕනෑම ගායනයක් ඉදිරිපත් කළ හැකිය.
දෙවන වටයේ දී තමා කැමති ගීතයක් හා විනිශ්චය මණ්ඩලය ලබා දෙන ගීතයක් ගායනා කළ යුතුය.
තෙවන වටයේ දී තමා කැමති ගීතයක්, විනිශ්චය මණ්ඩලය ලබා දෙන ගීතයක් හා කලින් දැනුම් දෙන ලද ගීත කීපයක් අතුරින් අහඹු ලෙස එම අවස්ථාවේ දී තෝරාගත් ගීතයක් ගායනා කළ යුතුය.

11* කෙටිකතා
ස්ව නිර්මාණයක් විය යුතුය.
ඕනෑම මාතෘකාවක් ඔස්සේ  කෙටි කතාව ඉදිරිපත් කළ හැකිය.
පැහැදිළි අත් අකුරින් හෝ මුද්‍රිත අකුරින් නිර්මාණ ලබා දිය හැකිය.
එක් තර`ගකරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 03 කි.

12* කාටුන්
්4 ප‍්‍රමාණයේ එ්වා විය යුතුය.
පොකට් කාටුන් විය යුතුය.
කාලීන මාතෘකාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.
එක් තර`ගකරුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 05 කි.

13* නිවේදක
ප‍්‍රවෘත්ති නිවේදනයක් ඉදිරිපත් කළ යුතුය.
යම් සිදුවීමක් පිළිබඳ සජීවී නිවේදනයක් ඉදිරිපත් කළ යුතුය.
පූර්ව සූදානමක් සහිතව ප‍්‍රාසංගික ඉදිරිපත් කිරීමක් කළ යුතුය.
සියලූම අවස්ථාවල දී වචන උච්චාරණය, හ`ඩ පාලනය, ප‍්‍රාසංගික බව, නිවේදන ශෛලිය ආකර්ෂණීය බව පිළිබඳ සැලකීම අත්‍යාවශ්‍ය වේ.
එක් නිවේදන අවස්ථාවක් මිනිත්තු 03 කට නොවැඩි විය යුතුය.


























































0 comments:

Post a Comment